අනාරක්ෂිත ළිඳකට වැටී සිටි කුඩා දරුවෙකුගේ සිරුරක් සොයාගනී
2025 April 23- Page Views : 1187
අනාරක්ෂිත ළිඳකට වැටී සිටියදී කුඩා දරුවෙකුගේ සිරුරක් සමන්තුරය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමන්තුරය පොලිස් වසමේ උඩංගා 02 ප්‍රදේශයේ නිවසක පදිංචි අවුරුදු 03ක දරුවෙක්.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා රැගෙන ගොස් ඇති බවට ලද පණිවිඩයක් මතයි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.
එහිදී අනාරක්ෂිත ළිඳ නිරීක්ෂණය කිරීමේදී මෙම දරුවා දියේ ගිලී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම දරුවා ගොඩට ගෙන කඩිනමින් සමන්තුරය රෝහලට ඇතුලත්කර තිබෙනවා.
රෝහලට ඇතුළත් කරන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසා සිටියේ.
අසල්වැසි නිවසක පදිංචි වයස අවුරුදු 11 ක දරුවෙකු මෙම මිය ගිය දරුවා සමඟ සිට ඇති අතර එම දරුවා පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සමන්තුරය පොලිසිය මඟින් සිදු කරනු ලබනවා.