අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 April 23- Page Views : 1187
මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අතඅඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ගමනා ගමන මණ්්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියෙකි.