ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 April 23- Page Views : 1187
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
එම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේදිය.
හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හළකින් ඉන්ධන ලබාගෙන ත්‍රීරෝද රථයට තවත් මගීන් දෙදෙනෙකු සමඟ මහනුවර දක්වා කුලි රථ ගමනක් සදහා යන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පසුපසින් ගින්න හට ගත් බව ත්‍රිරෝද රථයේ රියදුරා කියා සිටියේය. ගිනි ගනිමින් තිබුණු ත්‍රිරෝද රථයේ ගින්න පාලනය කිරිමට ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන වල රියදුරන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.