ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 April 23- Page Views : 1187
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ ඩෑන් පියසාද් මරණකරු ඊයේ( 22)රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි තැබූ පාර්ශවය හා මරණකරුගේ පාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන බවත්,ඒ අනුව සැකකරුවන් දෙදෙනා රටින් පිටුවීම වළක්වන නියෝගයක් වහාම නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .