WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තැපැල් ඡන්දය අදින් ඇරඹෙයි

2025 April 24- Page Views : 1187

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වනවා.

අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතිනවා.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබෙනවා.

ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතයි.