WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලාංකිකයින්ට පියවි ඇසට දැකගැනීමට ලැබෙන විරල අවස්ථාවක්

2025 April 24- Page Views : 1187

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක බලා ගැනීමේ අවස්ථාව හෙට (25) දිනයේ හිමිව තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ, හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවය.

මෙය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව ද ආචාර්ය ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේය.

"උදේ 5.30ට විතර නැගෙනහිර අහස දෙස බැලුවහම මේ ග්‍රහ වස්තු තුන ඉතාම ළඟින් දර්ශනය වීමට නියමිතයි. මේක ටිකක් විරල අවස්ථාවක්. මේ වගේ ළංවීමක් පියවි ඇහෙන් දකින එකත් දුර්ලභයි. නැගෙනහිර ක්ෂිතය පැහැදිලිව තියෙන තැනක මේක දර්ශනය වෙනවා."