WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා

2025 April 24- Page Views : 1187

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය පරිදි අධිකරණ නිලධාරින් ඉදිරියේ විනාශ කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ පල් වතුර සහ තේ වතුර බවට පත්ව ඇත.

මත්පැන් බෝතල් 17 ක් කඩා බැලීමේදී මේ බව අනාවරණය වී ඇති අතර අදාළ බෝතල් සියල්ල සිල් තබා අධිකරණ භාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

එසේ අත් අඩංගුවට ගන්නා ලද මත්පැන් බෝතල් තේ වතුර බවට පත් වීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණ රෙජිස්ටර්වරයා විසින් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් වැඩ බලන පොලිස්පතීවරයාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.