වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමේ යෝජනාවක්
2025 April 24- Page Views : 1187
වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (24) උදෑසන මහනුවර දිසාපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත්කරමින්.
එගිදී ඔහු සඳහන් කර සිටියේ මෙම යෝජනාව දළඳා දැක්මේ අධිකාරී පවත්වන මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිලමේතුමන්ට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.
ජනතාව පෝළිම්වල තෙරපීම සහ හිරවන තත්ත්වය වැළැක්වීම සඳහා ආරක්සක අංශ එකතු වී නව ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම ඉදිරි දිනවලදී දළදා වන්දනාවට මහනුවරට පැමිණෙන ජනතාව යම් සීමාවකට ලක් කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.