WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ

2025 April 24- Page Views : 1187

උඩු ගුවනේදී සුර් වී   ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියම කළේය.

ගුවන් සේවිකාවට රහස් ප්‍රදේශය පෙන්වීමට තැත් කිරමින්  හා හිංසන සිදුකිරීම යන චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හතරක  සිර දඬුවම් හිමි විය යුතුබවටද නියෝග කළේය.

සැකකරු අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, බීමත්ව අව සිහියෙන් සිදු වූ වරදවල් වලට තමන් පශ්චාත්තාප  වන බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා  මෙම දඩ හා දඬුවම් නියම කළේය.

ස්වීඩන් ජාතිකයා ශ්‍රී ලංකාවේ උපන් අයෙකු බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින්න් පැවසීය. සිද්ධියෙන් අගතියට පත් ගුවන් සේවිකාව විත්තිකරුගෙන් වන්දියක් අපේක්‍ෂා නොකරනබව ගුවන් තොටුපළ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.