ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 April 24- Page Views : 1187
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද (24)පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා ඉදිරියේ මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පණත යටතේ විමර්ශන සිදු කරන බවද පොලිසිය පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වලට එයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දෙනලෙසට දන්වා සිටියේය.