WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් ?

2025 April 26- Page Views : 1187

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින ලෙස බලපෑම් කිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය පවසයි.

එහි සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ආණ්ඩුවේ මෙම අත්නනෝමතික තීරණය නීතිවිරෝධී ක්‍රියාවක් බවය.

විභාගයට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් මගින් සම සෞඛ්‍ය උපාධිධාරින්ට බලපෑම් එල්ල වන බවද ඔහු පැවසීය.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මෙවැනි විභාග සම සෞඛ්‍ය උපාධිධාරින් බඳවා ගැනීමේදී සිදුකළ යුතු බවය.