WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කටුනායක වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

2025 April 26- Page Views : 1187

කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද (26) අලුයම සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි උදාර චතුරංග නමැති තරුණයෙක් බව පොලීසිය පවසයි.

අදාළ තරුණයා අලුයම 5.35ට පමණ තම නිවෙස තුළදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී- 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා මුදල් පොලියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු බවද පැවසේ.

ඔහු සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.

තුවාල ලැබු තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මේ වනවිට රැගෙන ගොස් ඇත.

වෙඩි තැබීමට භාවිතා කළ හිස් පතරොම් කොපු දෙකක් එම නිවසෙහි කාමරය තුළ වැටී තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසේන මහතාගේ උපදෙස් මත කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ලාල් චන්දචන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාරසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ මහතා ඇතුලු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.