විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට
2025 April 27- Page Views : 1187
විදුලි සැර වැදිමෙන් ප්‍රදේශ දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් සහ කඳපොළ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
72 හැවිරිදි කාන්තාව සිය නිවසේ විදුලි බල්බයක් මාරු කිරීමට යාමෙන් විදුලි සැපයුමේ වූ දෝෂයක් හේතුවෙන් විදුලි සැර වැදි මියගොස් ඇති බව සඳහන්ය.
පිරිමි පුද්ගලයා මියගොස් ඇත්තේ වගා ආරක්ෂාව සඳහා ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටීමෙන් බව පොලිසිය සඳහන් කළේය.
අදාළ සිද්ධින් පිළිබදව පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.