WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා

2025 April 28- Page Views : 1187

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු සමත්ව තිබේ.

ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය ජමුනානන්දන් ප්‍රනාවන් සහ එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය ඔහුගේ සොහොයුරු ජමුනානන්දන් සරවණන් සිසුවා විසින් හිමිකරගෙන ඇත.

ඔවුන් දෙදෙනා යාපනය දිස්ත්‍රික්කයේ ජෙෙව විද්‍යා අංශයෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක් විය.

සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය හිමිකරගත් ජමුනානන්දන් ප්‍රනාවන් සිසුවා මෙසේ කීය,

මමත් මගේ සහෝදරයත් එකට ජෙෙව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිය. අපි විශේෂයෙන් ස්තූති කළ යුතුයි අපේ පංති භාර ගුරුතුමා වන එස්. සිවකාර්තිකේයන් ගුරුපියාණන්ට. ඔහුගේ මග පෙන්වීම මේ ජයග්‍රහණයට විශාල හේතුවක්වුනා.