WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැනඩාවේ අනතුරින් මියගිය ගණන ඉහළට

2025 April 28- Page Views : 1187

කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ උත්සවයක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

ජනතාව අතරට අදාළ මෝටර් රථය ධාවනය කරවූ 30 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව සඳහන් වේ.

සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙම අනතුරු  26 වන සෙනසුරාදා එරට වෙලාවෙන් රාත්‍රී 8ට පමණ (GMT 03:00, BST 04:00) සිදු ව තිබුණි.