තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 April 28- Page Views : 1187
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පලාත් පාලන ආයතන 339 කට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 24 හා 25 යන දෙදින තුළ සිදු කළ බව සදහන් කරන මැතිවරණ කොමිෂන් සභාව එම දින දෙකේ තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයින්ට අද සහ හෙට ඒ සදහා අවස්ථාව සලසා ඇතැයි ද පවසයි.
මෙම පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීමට තැපැල් ඡන්දදායකයින් 648490 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.