WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු භාවිතා කළ වාහන ‍රැගත් පළමු නෞකාව හම්බන්තොට වරායට

2025 April 29- Page Views : 1187

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු භාවිතා කළ වාහන ‍රැගත් පළමු නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබෙනවා.

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වරායට සෙවන් සීල්ස් නෞකාවකින් පැමිණි පළමු නැව්ගත කිරීම මෙය බවයි වාර්තා වෙන්නේ.

භාවිතා කළ වාහන 1,560ක ප්‍රමාණයක් මෙහිදී ආනයනය කර ඇති අතර Toyota Land Cruiser, Prado, BMW, Mercedes-Benz, Toyota Raize, Honda Vezel, Daihatsu, Suzuki සහ Suzuki Wagon R යන මාදිලිවල වාහන මේ අතරට අයත් බව සඳහන්.

මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයෙන් පසු සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සුඕ පවසා සිටියේ.