තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
2025 April 29- Page Views : 1187
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ සිය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවය.
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු පසුගිය 24 වන දින ආරම්භ වූ අතර 25 සහ 28 යන දිනවල දී ද ඒ සඳහා අවස්ථාව හිමිවුණි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබේ.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, මේ වන විට සියයට 90ක් පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන් බවය.