සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 April 29- Page Views : 1187
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූවන් අතර බිරිද,බිරිදගේ පියා, මව හා බිරිදගේ සහෝදරිය ද වන බව පොලිසිය සදහන් කරයි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටින අතර, ඔහු සොයා පොලිස් විමර්ශණ ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.