WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුෂ් කිලෝ 8ක් ගුවන් තොටේ දී අල්ලයි

2025 August 03- Page Views : 1187

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ  වැටලීම් දෙකකදීය.

එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 

සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.