WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොග්ගල ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට

2026 June 21- Page Views : 6

ගාල්ල කොග්ගල මෝය කට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (21) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව හබරාදූව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එක්දරු පියෙකි.

මෙම පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ සිට පිරිසක් සමඟ සංචාරයක් සඳහා කොග්ගල ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා දියේ ගිලෙමින් සිටිනු දැක ඔහුව බේරාගැනීම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු දියට පැන ඇති අතර දැඩි පරිශ්‍රමයකින් පසුව ඔහුව බේරාගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් එක්ව ඔහුව හබරාදුව, මීපේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

----------------------------------

ගාල්ල, කොග්ගල මෝය කට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අනතුරට ලක්ව තිබේ.

එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.