WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමිකරයි

2025 August 04- Page Views : 1190

මාරවිල, මුදුකටුව වෙරල තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාරව්ල රෝහලට ඇතුලත් කිරිමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.