WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙව්නුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ

2025 August 05- Page Views : 1188

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.

කුලප්පු අලියා පහර දීමෙන් ඇත් ගොව්වකු තුවාල ලබා ඇති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

ඉකුත් මාර්තු මස 21 වැනි දින දෙවීනුවර දේවාලය ඉදිරිපිට දී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ දී මෙම අලියා කුලප්පු වීම වීශේෂත්වයක් විය.

කෙසේ වෙතත් ඒ සමග පෙරහර නැරඹීමට පැමීණි පිරීස හිස් ලූලු අත දිව ගිය අතර එම නිසා දැඩි කලබලකාරී තත්වයක් ඇති වී තිබුණි.

පෙරහර ගමන් කිරීමද ටික වේලාවකට අඩාල විය.පසුව අලි ඇතුන් ඉවත් කොට පෙරහැර ගමන් කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගන්නා ලදි.

කතරගම සිට රැගෙවිත් තිබු “භානුක” නැමැති අලියකු එසේ කුලප්පු වී තිබුණි. මැදමුලන පදිංචි තුවාල ලැබු ඇත් ගොව්වාගේ තත්වය බරපතල නොවන බව මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් සෙසු ඇත් ගොව්වන් හා වන ජීවී නිලධාරීන් එක්ව කුලප්පු වු අලියා දැඩි පරිශ්‍රමයක් යොදා මෙල්ල කර ගන්නා ලදි.