දියේ ගිලී තරුණයෙක් මරුට
2025 August 05- Page Views : 1187
තලවකැලේ ළිදුල ලෝගි වතුයායේ වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මියගෙස් ඇතැයි ළිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මෙසේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගම්පොල උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අරුමෙයි වාසගම් කමලරාජා යන (20) හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා තලවකැලේ නගරයේ වෙළදසැලක සේවය කරන අතර, ලෝගි වත්තේ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමඟ එම වැවේ දිය නෑමට ගොස් මෙම අනතුර සිදුවී ඇත.