WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි

2025 August 05- Page Views : 1187

ධූරකාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක්  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මහ කොමසාරිස්වරයා පිළිගනිමින් තම ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය.

 මෙහිදී  මහකොමසාරිස්වරයා රජය විසින් මෑත කාලීනව ගත් ක්‍රියාමාර්ග අගය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.

සාකච්ඡාව අතරතුර, ආයතනික විධිවිධාන ශක්තිමත් කිරීම, කලින් ඇනහිට තිබූ ව්‍යාපෘති නැවත පණ ගැන්වීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විස්තර කළාය.  එවැනි ව්‍යාපෘතීන්හි වැදගත්කම පිළිගත් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘතීන්  සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලැබෙන බව අවධාරණය කළේය.