WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනුරාධපුරයට නාගරික උද්‍යානයක්

2025 August 05- Page Views : 1187

අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " යන රජයේ වැඩපිළිවෙල යටතේ මෙම නාගරික උද්‍යානය ඉදි කෙරෙයි.

වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය  වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම් ඇරැඹීම සිදුවිය

රුපියල් මිලියන 100ක වියදමකින් ඉදිවන  අනුරාධපුර කුම්බිච්චන්කුලම නවීන ආදර්ශ නගර උද්‍යානය අවන්හල්, විනෝද උද්‍යාන, ළමා උද්‍යාන, ක්‍රීඩා පහසුකම් සහ තවත් නව්‍ය අංග සහිතව අංග සම්පූර්ණ මහජන උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන බව රජය පවසයි.

ඉදිකිරීම් ඇරැඹීමේ අවස්ථාවට අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න මහතා ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, පළාත් සභාවේ නියෝජිතයෝ  ඇතුලු  පිරිසක් සහභාගී වූහ.