WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අලුත්ගමදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටෙයි

2025 August 09- Page Views : 1187

අලුත්ගම ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ.

අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත.

වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කුඩා වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවද වාර්තා වෙයි.