WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මරුට

2025 August 09- Page Views : 1187

හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ.

ඕපනායක පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

මෙම දරුවා දෙමාපියන් සමඟ හෝටලයට පැමිණ ඇති අතර මිතුරන් සමඟ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.