පොලිස්පති තෝරන ව්‍යවස්ථා සභා රැස්වීම අද
2025 August 12- Page Views : 1187
මීළඟ පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාම යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 1.30ට පැවැත්වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ආයතන ගණනාවකින් ලබාගෙන ඇතැයි පැවසෙන වාර්තාද මෙහිදී සැලකිල්ලට ගැනෙන බව වාර්තාවේ.