ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව විපක්ෂයේ විශ්වාසභංගය අද කථානායකට
2025 August 12- Page Views : 1187
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව අද දහවල් කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.
ඊයේ එම යෝජනාව කතානායකවරයාට භාර දීමට නියමිතව තිබූ නමුත් එය අදට කල් ගියේ කථානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ සිටි බැවින්.