රේණුකා පොලිස් කොමිසමෙන් අස්වෙයි
2025 August 12- Page Views : 1187
රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත
ඒ සම්බන්ධයෙන් ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. කිරි ගවයන් ආනයනය කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවනු ලැබුවාය. ඒකනායක මහත්මිය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වෙයි.