WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ සබරිමලෛ අයියප්පන් කෝවිල් වන්දනාව රාජ්‍ය පිළිගත් වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය

2025 August 12- Page Views : 1187

ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් වාර්ෂිකව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිලට සිදු කරන වන්දනා ගමන, ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම වන්දනා ගමන සෑම වසරකම නොවැම්බර් 1 වැනිදා සිට ඊළඟ වසරේ ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ සිදු කෙරෙන අතර, මේ වන විට ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වෙනවා.

මෙම වන්දනාවේ වැදගත්කම සහ ජනප්‍රියත්වය සලකා බලමින්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.