වරාය නගර ආර්ථික කොමිසමේ නියෝග පාර්ලිමේන්තුවට
2025 August 12- Page Views : 1187
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ පහත සඳහන් ආයතන 'ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීම සඳහා 2025-07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
* IFC කොළඹ 1 (පුද්) සමාගම.
* අයිසීසී පෝට් සිටි (පුද්) සමාගම.
* සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම.
* ක්ලෝත්ස්පින් මැනේජ්මන්ට් ඇන්ඩ් ඩිවලොප්මන්ට් (පෞද්ගලික) සමාගම.
ඒ අනුව අති විශේෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වන වගන්තිය යටතේ සාදන ලද නියමයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.