WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩෙංගු චිකුන් ගුන්යා යළි පැතිරෙන අවදානමක්

2025 August 13- Page Views : 1187

ඩෙංගු සහ  චිකුන් ගුන්යා  යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසන්නේ වියළි කාලගුණ තත්ත්වය අවසන් වී කඩින් කඩ වැසි ඇද හැලීම ආරම්භවී ඇති හෙයින් එම රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බෝවීම  සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි.

කඩින් කඩ වැසි සමග ජලය එක්රැස්වන තැන්වල මදුරුවන් බෝවීමේ හැකියාව වැඩිවී තිබෙන බව පැවසූ මුතුකුඩ මහතා එලෙස ජලය රැඳෙන ස්ථාන විනාශ කර දමන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.