WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි

2025 August 13- Page Views : 1187

ඉන්දියාවෙ සිට ධීවර බෝට්ටුමාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 284 යි ග්‍රෑම් 415 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය අරුකුවේලි හීදි ඊයේ  (12) අත්අඩංගුවට ගත් බව යාපනය,චාවකච්චේරි පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසියට ලැබුණ තොරතුරක් මත සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී  අරුකුවේලි ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා තොගය එලෙස සොයා ගෙන තිබේ.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා කේරළ ගංජා තොගය මෙරට ජාවාරම්කරුවන්ට බෙදා හැරීමට සුදානම් කොට තිබියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් වන බවත් ඔවුන් තවත් ජාවාරම්කරුවන් පිරිසක් සමඟ එක්ව මෙම කේරළ ගංජා ජාවාරම මෙහෙයවා අ‍ැති බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.