මීගොඩ නිවසක් ඉදිරිපිට අහසට වෙඩි
2025 August 14- Page Views : 1187
මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (13) රාත්‍රී 10ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.
මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් එක් වෙඩිල්ලක් පමණක් තබා ඇති අතර,උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇති අතර මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.