WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක්

2025 August 14- Page Views : 1187

මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක  තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නොහැකි මැටියෙන් නිම කළ මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිළධාරීහු පවසති.

සිරිමංගලා පුරාණ රජමහා විහාරස්ථානයේ ඉපැරණි ස්ථුපය දින 45 කට අධික කාලයක් පුරා විද්‍යා නිළධාරීන්  සංරක්ෂණය කිරීමේ අරමුණින් කැණිම් කරමින් සිටියදී ස්ථුපය ඇතුලත ගඩෝල්  තුළ ආරක්ෂීතව සගවා තිබු මෙම මංජූසාව මෙලෙස හමුවි ඇති බව කියයි.

අදාල මංජූසාව අගල් 20 කට ආසන්න වට කවයකින් හා අගල් 15 වැඩි උසකින් යුත්ත බවත් එය කැණිම් තුළින් සොයා ගන්නා අවස්ථාවෙදී ආරක්ෂීතව පියනක් වැනි යමකින් වසා තිබු බවද පුරා විද්‍යා නිළධාරින් පවසයි.