තංගල්ල මුහුදේ ගිලී 06 හැවිරිදි දැරියක් මරුට
2025 August 14- Page Views : 1187
තංගල්ල පොලිස් වසමේ මැඩිල්ල වෙරළ තීරයේදී ඊයේ (13) රළ පහරකට හසුව ගසාගෙන ගොස් දැරියක් දියේ ගිලී මියගොස් ඇති බවට තංගල්ල පොලිසිය සඳහන් කරනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 06ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි දැරියක්.
මෙම දැරිය පවුලේ සාමාජිකයින් සමග තංගල්ල ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිට ඇති අතර, ඔවුන් තංගල්ල මුහුදු වෙරළේ මුහුදු රළ පාගමින් සිටින අතරතුර දැරිය සැඩ පහරකට හසුව දියේ ගසා ගෙන ගොස් ගිලී මියගොස් ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත දේහය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.