WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ පැටලෙයි

2025 August 14- Page Views : 1187

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන ගාල්ලේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අද(14) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ  බැංකු ගිණුම් සඳහා මෙම අල්ලස් මුදල් බැර වී ඇති අතර  සැකකරුගේ ඥාති හිතවතුන්ගේ බැංකු ගිණුම් සඳහා ද මෙම අලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දැනට පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කටයුතු කරමින් සිටියදී ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරයා  අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.