දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
2025 August 15- Page Views : 1187
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සිඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (14) රාත්‍රී කාලයේදී කළුතර උතුර පොලිස් වසමේ කොළඹ බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සැතපුම් 23 අණුව අසලදී මෙම අනතුර සිදුවී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.