කෝටියකට අධික වටිනා මුදල් මල්ලක් අස්ථානගත වෙලා
2025 August 15- Page Views : 1187
බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
අස්ථානගත වූ මුදල් මල්ලේ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් තිබී ඇතැයි පොලිසිය කියයි.
එකී මුදල් තොගය අතර වලංගු මුදල් රුපියල් 10,000,000 පළුදු නෝට්ටු රුපියල් 6000 , රුපියල් 390,000 ක් වටිනා ඇමෙරිකන් ඩොලර් 1300 ක් තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මුදල් මලු 15 වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර භාරදී ඇත්තේ එයින් 14 ක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.