WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහරගම උණුසුම්

2025 August 15- Page Views : 1187

අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු, අයි.එම්.එෆ් මර උගුලට එරෙහි වෙමු" යන මැයින් ජන අරගල සන්ධානය අත්පත්‍රිකා බෙදා දීමක් සඳහා මහරගම නගරයේ ඉදිකළ  අට්ටාලයක් කඩා ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග අද දහවල් දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිවි උණුසුම් තත්ත්වයක් හට ගැනීනි.

රජය කරගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව අත්පත්‍රිකා බෙදා දී බැනරයකට අත්සන් තැබීමේ විරෝධතා වැඩසටහනක් මහරගම නගර මධ්‍යයේදී ජන අරගල සංධානයේ නියෝජිතයන් පිරිසක් අද සංවිධානය කර තිබූණි.

මෙම විරෝධතා වැඩසටහන අද දිනය පුරා පැවැත්වීම සඳහා හයිලේවල් මාර්ගයේ පදික වේදිකාව මත අට්ටාලයක් ඉදිකොට ඒ මත බැනරය තබා ජනතාවකින් අත්සන් ගැනීමට ද සූදානම් කොට තිබුණි.

එම අවස්ථාවේදී එක්වරම මහරගම පොලිසියේ නිලධාරීන් දහ දෙනකුගෙන් පමණ කණ්ඩායමක් විරෝධතාව පැවති ස්ථානයට කඩා වැදී අට්ටාලය කඩා බැනරය ඉරා දමා විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගැනීනි.

එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් සංවිධායකයන් පොලිසිය හා උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ගැණිනි.