WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

2025 August 17- Page Views : 1187

රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

සැකකාරිය සමග මත්කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල්  134,000ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සිදුකරන ලද සෝදිසියේදී නිවසේ කාමරයක තිබූ අල්මාරියක සඟවා මෙම මත් කරල් තොගය පොලීසියි විසින් සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය මින් පෙරද හොරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවය.

අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි