WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට

2025 August 17- Page Views : 1187

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු  මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පීනෑන්ග් මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යංශයට ලද බුද්ධි තොරතුරක් මත නිවසක පවත්වා ගෙන යනු ලැබු මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ස්ථානයේ තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

සැකකාර ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයින් දෙදෙනා සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ 04 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.