WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදුලිබල මණ්ඩලයේ ලාභ ඉහළට

2025 August 18- Page Views : 1187

2025 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ.

පූර්ව කාර්තුවේ දී, එනම් 2025 මාර්තු 31න් අවසන් මූල්‍ය කාර්තුවේ දී රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙම කාර්තුවේ දී මෙලෙස මණ්ඩලය ලාභ ලැබීම සුවිශේෂී සිදුවීමකි.

2025 ජූනි මාසයේ දී සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනය හරහා මෙලෙස විදුලි බල මණ්ඩලයට ලාභදායිත්ව මගකට පිවිසීමට හැකිව තිබෙන බව විශ්ලේෂකයින්ගේ මතය වේ.

කෙසේවෙතත් 2024 ජූනි කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රු. බිලියන 34.53ක ලාභය හා සැසඳීමේ දී 2025 ජූනි කාර්තුවේ ලැබූ ලාභය 85%කින් අඩුවීමක් පෙන්නුම් කරයි.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2025 ජනවාරි මාසයේ දී 20%කින් පමණ විදුලි ගාස්තු පහළ දැමීමක් සිදුකෙරණු අතර එය 2025 මාර්තු කාර්තුවේ වාර්තා වුණු අලාභයට බෙහෙවින් හේතුවිය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ, ශ්‍රී ලංකාව එළඹ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කළ යුතු බවයි.

ඒ අනුව 2025 ජූනි මාසයේ දී විදුලි ගාස්තු ගැළපීමක් සිදු කෙරිණි.