WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රනිල්ට අනිද්දා CIDයෙන් කැඳවීමක්

2025 August 20- Page Views : 1187

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ සිදුකළ විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.

මෙම විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා එංගලන්තයට යෑම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා.