WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූල නොවන බවට තහවුරු කරයි

2025 August 20- Page Views : 1187

ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය (NADO) ලෝක තහනම් උත්තේජක විරෝධී  නීති සංග්‍රහයට අනුකූල නොවන බව ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) තහවුරු කර තිබෙනවා.

පසුගිය මාර්තු 27 වන දින පැවති රැස්වීමේදී, WADA හි විධායක කමිටුව (ExCo) විසින් WADA හි ස්වාධීන අනුකූලතා සමාලෝචන කමිටුවේ (CRC) නිර්දේශය අනුමත කරන ලද අතර, ශ්‍රී ලංකා NADO ආයතනය අනුකූලතා 'නිරීක්ෂණ ලැයිස්තුවට' එක් කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා NADO ආයතනය එහි නීතිමය රාමුව සමාලෝචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූලතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරීක්ෂණ ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ NADO ආයතනය නිරීක්ෂණ ලැයිස්තුවට එකතු කිරීමෙන්, විධායක මණ්ඩලය NADO ආයතනයට ඔවුන්ගේ නිවැරදි කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමතර මාස හතරක් ලබා දී ඇති බව සඳහන්.

ජූලි 29 වන දින නිවේදනය කරන ලද පරිදි , නිරීක්ෂණ ලැයිස්තු කාලය අවසානයේ නීති පද්ධතියට අවශ්‍ය සංශෝධන තවමත් සම්මත කර නොතිබුණා.

මෙම පියවර මගින් ශ්‍රී ලංකාව මේ වනවිට අනුකූල නොවන සිව්වන රට බවට පත්ව තිබෙනවා.