WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ

2025 August 20- Page Views : 1187

වත්මන් ආණ්ඩුව කිසිවිටෙක මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"හිර වී ආර්ථිකය ගොඩගන්නා අතර ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආයෝජනය කැඳවා ගත යුතුයි.රට ඇතුලේ මෙන්ම රටින් පිට අපි එය සිදු කරමින් ඉන්නවා.රට ඇතුලේ ස්ථාවරත්වයට බාධා වන ගොඩක් දේවල් දැන් සිදුවෙමින් තිබෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා රට අර්බුදයට යන්න හදනවා යැයි මතයක් හදනවා. බිලියන එක්දහස් දෙසිය ගණනක් අපේ ආණ්ඩුව මුදල් අච්චු ගහලා ඇතැයි මතයක් ගෙනියනවා.දැන් පවතින ක්‍රමවේදය යටතේ ආණ්ඩුවට මුදල් අච්චු ගහන්න නීතියෙන්ද ඉඩක් නැහැ. ආණ්ඩුව කිසි විටෙක එහෙම මුදල් අච්චු ගැසීමක් කර නැහැ.එය සමාජය නොමඟ යවන්න ගෙන යන මතයක්.අප ඉතා විනිවිදභාවයෙන් මූල්‍ය විනය පවත්වාගෙන යනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.