WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුරාවිද්‍යා අධ්‍යක්ෂට අධිකරණයෙන් නියෝගයක්

2025 August 20- Page Views : 1187

නියෝජ්‍ය පෙලිස්පති බිරිදක ඇතුළු පිරිසක් නිධන් ලබා ගැනිමේ අරමුණින් කැනීම් කර ඇති අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ ඉඩම පුරාවිද්‍යා භූමියක්ද යන්න පරික්ෂා කර අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ නියෝග කරා.

ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින්.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝගය කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින්.

මෙම සිදධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිනවා.