WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

2025 August 21- Page Views : 1187

ප්‍රදේශ දෙකකදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇති බවට පොලීසිය පවසයි.

නාඋල පොලිස් වසමේ බෝවතැන්න ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 27ක වනමැදගම, බිබිල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

නාඋල පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඊයේ (20) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවයි.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙලෙස බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටියදී අදාළ තරුණයා අනතුරට පත්ව ඇති බවට නාඋල පොලීසිය සඳහන් කරයි.

මේ අතර, ඊයේ (20) අහංගම පොලිස් වසමේ අහංගම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන් වී තිබේ.

එසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 24ක වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාවික හමුදා නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාඋල පොලීසිය සහ අහංගම පොලීසිය විසින් අතුරුදන් වූ තරුණයින් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.